À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටපස්වැනි කොටහා

A+ A-

” දැන් ඔක්කොම ටික හරි නේද “

” ඔව් බන්. ඕනී ඒවා ටික සේරම මෙතන තියෙනවා. ගිහිල්ලා දීපන් දැන් ලොක්කට “

” උබලා තුන් දෙනා කිසිම දෙයක් තාම පිටට දෙන්න එපා හරි. මේ වැඩේ ඉක්මනටම ඉවරයක් කරන තරමට හොදයි “

” ඒවුනාට බන් එයා අපි ගැන දන්නවද දන්නෑ නේද “

” සැකයක් තියෙනවා ඇති. ඒවුනාට හරියටම අපි ගැන දන්නැතුව ඇති බන් “

එහෙම කියලා ඕනී කරන සේරම ටික මන් අරගෙන ගියේ ලොකු සර් ළගට. රන්දුනු සර් පේන්නවත් නෑ. පාන්දර ඉදලා වැඩ ටික පටන් ගත්තත් තාම මට නෙවෙයි ක්වාටස් එකට යන්න පුළුවන් වුණේ.

” සර් මන් නිලූෂ. ඇතුළට එන්නද “

” අහ් එන්න එන්න පුතා. මොකද මන් භාර දීපු වැඩේ ඉවර කරාද “

මන් ඇතුළට ඇවිල්ලා පුටුවේ ඉද ගත්ත හැටියේ ලොකු සර් බල බලා හිටපු ෆයිල් එකත් පැත්තකින් තියෙලා එහෙම අහද්දී මන් හිනාවක් දාලා දුන්නේ මන් හොයා ගත්ත සේරම සාක්ෂි ටිකයි ඒ සම්බන්ද ලියකියවිලි ටිකයි.

” සේරම හරි සර්. දැන් තියෙන්නේ දෙන්නම අල්ල ගන්න එක. හැබැයි සර් ගෙදර විතරක් බැලුවේ නෑ තාම “

” ගෙදර පස්සේ බලමු පුතා. ඔක්කොටම කලින් ඕකේ මහ වින්ජෙව අල්ල ගන්න ඕනී. නිලූෂ බලන්න අනිත් එක්කෙනා ගැන. ඔය ටික අරන් යන්න ඕනී දැන්ම පොලිස්පති තුමාව හම්බෙන්න. අපිට පුළුවන් අදම එක්කෙනෙක්ව හරි කොටු කර ගන්න. වින්ජේ කොටු කර ගත්තා නම් හරි “

” ගොඩක් දුර‍ට පුළුවන් වෙයි සර් වින්ජේ අල්ල ගන්න  “

” මන් මේ වැඩේ භාර දුන්නේ හරිම කෙනාට. සතුටුයි මට පුතා ගැන ගොඩක්. හිතුවට වඩා ගොඩක් හොදට කරා වැඩේ නම් “

මාත් හිනා වෙලා බැලුවේ සර් දිහා.

දැන් නම් තුනටත් කිට්ටුයි හතර වෙද්දී වත් වැඩ ටික ඉවර කර ගන්න පුළුවන් වුනොත් හොදයි. පාන්දර හතරයි ගානේ ඉදන් එක දිගටම වැඩ කරපු නිසා දැන් නම් හරි මහන්සි. වෙනදට වඩා ගයාන් සර් නම් අද ටිකක් කලබලයි වගේ. මන් දැන් කීප පාරක්ම දැක්කා අරහෙට්ට යද්දිත් ඔරලෝසුව දිහා බලනවා මෙහාට යද්දිත් ඔරලෝසුව දිහා බලනවා. වෙලාවකට ඔහේ කල්පනා කරනවා.

” ඒයි නිලුවෝ මන් එහෙනම් යනවා බන්. උබ වෙලා යනවා කිව්වනෙ අද “

” ඔව් බන්. උබ පලයන් පරිස්සමින්. ගජේවත් මතක් කරා කියහන්කෝ. ආ ඒක නෙවෙයි “

” ඇයි ඒ පාර මොකක්ද “

දමියා බෑග් එකත් කරට දාගෙන ඇසුත් ලොකු කරන් මොකද්ද කියලා අහද්දී මට හිනාවක් පැන්නා.

” මට පාටියක් දියන් “

” මන් ළග සල්ලි නෑ “

” මන් කිව්වා කියලා හිතා ගනින් “

දමියා මයෙ ඔළුවටත් ගහලා යන්න යද්දි නිදි මත නිසාම මන් ගියේ මූණ හෝද ගන්න කියලා. මන් ඇරිලා තියෙන දොරින් ඇතුළට යද්දි ඉස්සරහට තිබ්බ අඩිය පස්සට අරන් දොර ළගම හිටන් බලන් හිටියේ ඉස්සරහ. වොෂ් රූම් එකේ ඇතුළේ හිටපු ගයාන් සර් ඇසුත් පියාගෙන බෙහෙත් අහුරක් කටේ දාන් වතුර බෝතලෙන් භාගයක්ම බීගෙන බීගෙන ගිහිල්ලා ඇස් දෙක ඇරලා බැලුවේ කන්නාඩිය දිහා වෙද්දී එයා ගැස්සුනා. එයාට පිටිපස්සේ හිටපු මාව දැක්ක හැටියේ ගැස්සිලා ආයේ එයා මට දුන්නේ ලා හිනාවක්.

” ඇයි “

” නෑ සර් නිකන් “

සර් මයෙ උරහිසෙත් වැදී ගෙන යන්න ගියත් හරි මන් මයෙ වැඩේ කර ගන්න දොරත් ඇරන් ගියේ ඇතුළට. සර්ට අසනීපයක් වත් තියෙනවද බෙහෙත් බොන්නේ අච්චරටම.

” දැන් උබ යනවද එතකොට “

” ඔව් බන්. වැඩ ටික ඉවරයි මගෙ. යන්න ඕනී “

අනිත් තුන් දෙනාටත් එහෙම කියපු මන් එළියට එද්දි දැක්කේ ගයාන් සර් බයික් එක ස්ටාට් කරනවා. සර් මොකද දන්නෑ අද කලින් යන්නෙ. වෙනදා රෑ වෙනකම් වැඩ නෙ

” අයියේ අර බයික් එක පිටිපස්සේ යන්කෝ “

ගයාන් කාරයා යන්නෙ කන්තෝරුව පැත්තට තමයි. මන් අච්චර දේවලුත් කියලා ආයේ ආයේ දිනුල මහත්තයගේ ඔලුව කන්න යනවනෙ. අඩුම තරමෙ ළමයෙක් ඉන්න අප්පෙක් වත් කියලා හිතන්න බැරි හැටියක්. බලමුකෝ හෙට උදේ වෙනකම් ගයාන් සර්ට ඔහොම නට නට ඉන්න පුළුවන් වෙයිද කියලා. සර් බයික් එක පාර එහා පැත්තෙන් නතර කරලා පාර එහා පැත්තට පැනලා ගියේ කන්තෝරුවට.

” නතර කරන්න පොඩ්ඩක් අර හරියෙන් විතර “

වීල් එකේ මනුස්සයට සල්ලි ටිකකුත් දීලා මන් ගහක් යට හිටන් හිටියෙ ගයාන් සර් එනකම්. අදත් මන් හොද දෙකක් කියලා දෙන්නම්කෝ මනුස්සයට. විනාඩි දහයක් විතර යද්දී මිනිහා ආවා හැබැයි මූණ නම් ටිකක් හරි නෑ.

” ආ ගයාන් සර් මොකද මේ පැත්තේ “

” මගෙ පස්සෙන් ආවද ඒ ගමන “

” එහෙමත් හිතන්න පුළුවන් ඉතින් “

කට කොනේ හිනාවකුත් දාන් අතුත් බැදන් මන් ඒ මූණට නැවෙද්දී එයා හිස් බැල්මක් දාලා යන්න හැදුවත් මන් ආයේ ගිහිල්ලා ගයාන් සර් ඉස්සරහින් හිට ගත්තා.

” තමුසෙට අමතක වුනාද අයිසේ මන් උබේ සර් කියලා. තමුන් හැසිරෙන්න ඉගෙන ගන්නවා ඔක්කොටම කලින් “

” ඒ තනතුර තාවකාලිකයි ගයාන් සර් “

මන් එහෙම කියද්දී නම් ඒ මූණ කලබල වුණා. ඇස් හිටන් හරි කලබලෙන් මයෙ මූණ පුරාම දුවලා දුවලා අවසානේ එයා අතත් මිටි කරගෙන දැම්මේ සමච්චල් හිනාවක්.

” දැන් වත් මයෙ ඔලුව කන්න හදන්න එන්න එපා නිලූෂ. මන් අතින් කලින් වැරදි වුණා තමයි . ඒකට මන් සමාවෙන්න කියලත් කියනවා. ම්…. මට පරක්කු වෙනවා “

එයාට මොකක් හරි මතක් වෙලා වගේ ඉක්මනට ඔරලෝසුවත් බලලා යන්න ගියා වුණත් මන් ඒ කමිස කරෙන් ඇද්ද පාර එයා ඔරවගෙන බැලුවේ මන් දිහා.

” කොහෙද යන්නෙ. පැනල වත් යනවද ගයාන් සර් “

මන් නිකමට එහෙම කිව්වත් මයෙ වචන වලට ආයේ ඒ මූණ ටික ටික වෙනස් වුණා වුණත් එයා ඉක්මනට ඒ හැගීම් හංගන් එක එල්ලේ බැලුවේ මයෙ ඇස් දිහා.

” මන් ගැන ගොඩක් දේවල් හොයලා බලලා වගේනෙ ඔහොම කතා කරන්නේ ම්….. ඔයාට මොකක්ද ඕනී නිලූෂ…. මගෙ තනතුරද  නැත්තම් මන් ඔහේ පිස්සෙක් වෙනවා බලන්නද ඕනී ආ නිලූෂ…… “

” මට වෙන්න ඕනී සමාජෙට පිළලක්‌ වෙන දේවල් අයින්ම කරලා දාන්න. මන් කොහොමත් ඒවා කරනවා. මගෙ වැඩේ ඒක. මයෙ රස්සාව ඒක. අමතක වුනාද ගයාන් සර්. නෑ නෑ වැඩිය හිතන්න ඕන්නෑ යන්න යන තැනට පරිස්සමින් යන්න ගයාන් සර් “

එයාට වැඩේ තේරිලා වගේ දැන් නම් එහෙන්ම මයෙ කමිස කරෙන් අල්ලන් මට බනින්න ලෑස්ති වුණත් ගයාන් සර්ට නෙවෙයි වචනයක් වත් හරියට පිට වුණේ.  බයටයි දුකටයි කේන්තියටයි ඒ ඇස් වලින් කදුළු වැටෙද්දි මන් බලන් හිටියෙ මූණ දිහා .

” ත මුසේ ශි ට් “

” දිනුල ළගට ළං වෙන්න හිතන්න වත් එපා. මන් මුලදිම කිව්වා. කොහෙද ඉතින් සර් මයෙ වචනේ අහක දාලා නැටුවා වැඩිනේ “

මන් එයාව පස්සට කරලා එතැනින් යන්න යද්දි ගයාන් සරුත් බයික් එක රේස් කරලා පාරට දැම්මා. ඒත් මන් සර් යන දිහා බලන් ඉද්දිම වේගෙන් වේගෙන් අඩිය තිබ්බ මගෙ කකුල් එක තැනම නතර වුනෙ හිතුවෙවත් නැති දෙයක් ඇහි පිල්ලමක් ගහන පමාවට සිද්ද වෙද්දී .  මයෙ මුළු ඇගම කිලි පොලා ගියා. ඉස්සරහින් ආපු බස් එකට මොකුත් හානියක් නැති වෙද්දී බොද වෙච්ච ඇස් වලට මට පෙනුනේ ටිකක් දුර‍ට විහික්කා වුණු බයික් එකේ කැරකෙන රෝදේකුයි පැත්තකට විහික්කා වෙලා තිබ්බ බෑග් එකයි. ගයාන් සර් විහික් වුනෙ හරියට  පොඩි ළමයෙක්ගේ අතින් සෙල්ලම් බඩුවක් විහික්කෙනාවා වගේ.

” ග් ගයා න් සර් “

සෙනග ඒ දිහාවට පිරෙද්දී මන් දුවගෙන දුවගෙන ගියේ ඒ පැත්තට. එහෙම මොකුත්ම වෙලා තියෙන්න නම් එපා දෙවියනේ ගයාන් සර්ට නම් .

” බලන්න ඒ දරුවා ආපු වේගෙ “

” බීලද කවුද දන්නේ. දෙමව්පියොන්ට දුක්‌ ගින්දර දෙන්න ඉපදෙන පව් කාර ළමයි “

” පණ තියෙනවද තාම “

” මැරිලා ඇති “

මිනිස්සුන්ගේ කතා මැද්දේ මන් කොහොම හරි උනුත් තල්ලු කරන් ගියේ ලේ විලක් මැද වැටිලා ඉන්න ගයාන් සර් ළගට. මන් ඉක්මනට පාත් වෙලා වෙලා ලේ වලින් පෙගිච්ච ඒ පණ නැති සිරුර උස්සන් ඉක්මනට නැග්ගේ නවත්තපු වාහනෙකට. භාගෙට ඇරිලා තියෙන ගයාන් සර්ගේ ඇස් වලින් කදුළු එක දිගටම කඩා ගෙන වැටෙද්දී ඒ ලේ පෙරෙන කටින් මට මොනාදෝ කියන්න හදන්න හදනවා.

” බය වෙන්න එපා සර්. මොකුත්ම වෙන්නේ නෑ. අපි ආවා ඉස්පිරිතාලේට “

කතා කර ගන්න අකුරක් ඒ කටින් පිට නොවේද්දි  ගයාන් සර්ගේ අත් හිටන් කඩාගෙන වැටුනේ පහළට වගේම ඒ  කදුලු වලින් පෙරිච්ච මූණ බර වුණේ මයෙ විලාප තියෙන පපුවට.

” ලෙඩාගේ භාර කාරයෙක් නැද්ද “

” ගෙනාවේ මන් “

” මෙයාගේ පවුලෙ කවුරුත් නැද්ද”

” කවුරුත් නෑ. ලෙඩාට කොහොමද “

” තාම හරියට මොකුත් කියන්න බෑ. අපි කොහොම හරි බලන්නම්. මේ ටික පුරවලා අතන ඉන්න මිසීට දෙන්න “

මයෙ මුළු සුදු කමිසෙම ලේ වලින් පෙගිලා. හරි අමාරුවෙන්  මන් ඒ කොළේ පිරෙව්වේ වෙව්ලන අත් වලින්. දන්න තරමින් සර්ගේ අම්මලා ඉන්නෙ මෙහෙ නෙවෙයි නෙ. ටික වෙලාවකින් සර්ව දැම්මේ හදිස්සි වාට්ටු ඒකකයට වෙද්දී මන් එහෙන්ම බිම ඉන්ද වුණා. මට මතක් වුනේම ඒ කදුළු වලින් පිරිච්ච බය වෙලා තිබ්බ ඒ මූණ. කවුද ඇත්තටම ජීවත් වෙන්න ආස නැත්තේ. ඕනිම මනුස්සයෙක් කැමති තව එක තප්පරයක් හරි ජීවත් වෙන්න. මාව දැන් පිච්චෙනවා. මන්ද ඔයාට මෙහෙම කරේ ගයාන් සර්. නැත්තන් ඒ ඔයාගෙම වැරදි වලට ගෙවන්න තිබ්බ අකුසල කරුමෙද.

පැයෙන් පැය ගෙවිලා ගියා වුණත් මන් හිටියෙ තාම බිම ඉදගෙනමයි. මතක් වෙන්නෙම ගයාන් සර්ව බස් එකට හැප්පිච්ච විදිහ.

” අනුජ ගයාන් ගේ කවුරු හරි ඉන්නවද “

ඒ වචන ටික ඇහිච්ච හැටියේ මන් මූණත් පිහදලා නැගිටලා ගියේ දොර ළගට.

” සර් කොහොමද එයාට… “

” තත්වේ නම් බරපතලයි. බලමුකෝ පුතා . අපි කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒත් ඇත්ත කියන්න එපැයි. තුවාල වෙලා තියෙන විදිහට ලෙඩාගේ ජිවිතේ ගැන නම් කියන්න බෑ……  “

ගයාන් සර් මට සමාවෙන්න. හිතුවේ නෑ දෙයියනේ මෙහෙම දෙයක් වෙයි කියලා. මට ආයේ ආයේ හීල්ලෙද්දී මයෙ මුළු පපුවම ඇදුම් කෑවා.  ඒත් එහෙම ඉන්න පුළුවන් වුණේ ටික වෙලාවයි කවුරු හරිම  ඇවිල්ලා මයෙ අතින් ඇදලා අරන් හයියෙන් පාරක් ගැහැව්ව පාර මන් විහික්කා වෙලා බිම වැටෙන්න ගියා වුණත් මන් නොවැටී බේරුනා. ශක්තිමත් අත් දෙකක්‌ ඇවිල්ලා මන් ඒ ඇගට තුරුල් කර ගත්තත් හරි මන් ඒ ඇගට බර වෙලාම ඇස් පියා ගත්තා.

” ම් ම න් එයා ට “

” ශ් දන්නවා බන් දන්නවා.  මන් ඉන්නවා මයෙ නිලූෂ ළග. බය වෙන්න එපා දරුවෝ දැන් හරි. ඔක්කොම හරි. එයාට ඉක්මනට සනීප වෙයි. මන් සෑහෙන්න බය වුණා. ඇත්තමයි ළගට ඇවිල්ලා බෙල්ල මිරිකන්න තරම් මට කේන්තියක්‌ ආවේ. තමුසෙට මාව මතක් වුනේම නැද්ද….. උබ එනකම් ඉස්තෝප්පුවට වෙලා බලන් ඉන්නවා කියලා පොඩ්ඩ ක් වත් මත ක් වු න්නැ ද්ද නි ලූෂ.  ඇයි බන් මා à·€ මෙහෙම පුච්ච න්නේ ආ “

මයෙ හාමු මහත්තයගේ මුලදි සන්සුන් වචනෙන් එහෙම කිව්වත් අවසානේ එයාගේ වචන බිදිලා ගියා. ගයාන් සර් හැප්පිලා විහික්කා වුණත් හරි මයෙ මුළු හිතේම පිරිලා තිබ්බේ දුක බය පසු තැවීම අඩු වෙලා ටිකක් සැහැල්ලු වුණා . හැබැයි ඒ ටික වෙලාවකට. සමහර විට මන් අර විදිහට නොකිව්වා නම් ඔය විදිහේ වින් හැයියක් නොවෙන්න තිබ්බා කියන සිතුවිල්ලෙන්ම පිරිලා තිබ්බා මයෙ හිත.

” පුතා දැන් ආයේ හිත කලබල කර ගන්න ඕන්නෑ. කොහොම හරි ගයාන් රටින් පැනලා යන්න කලින් අල්ල ගත්තනෙ “

ලොකු සර්ගේ ඒ වචන වලට මන් හාමුගෙන් පැත්තට වෙලා බැලුවේ ලොකු සර් දිහා. එතකොට ඇයි ගයාන් සර් පැනලා යන්න හැදුවෙ. එයා දැන ගත්තවද්ද අපි ගැන.

” සර් එයා මේ ගැන දන්නවද “

” ඒක නම් කොහොමද දන්නෑ පුතා. එයාගේ බෑග් එකේ තිබිලා හම්බුනා පාස්පෝට් එකත් මට “

එයාගේ අයියා තමයි මේ වැඩේ ඔක්කොම මෙහෙයවලා තියෙන්නේ. වින්ජේ කියන ඒකගේ මල්ලි තමයි ගයාන්. ගයානුත් ටිකක් මේ වැඩ වලට සම්බන්ද වෙලා කියලා තමයි අපිට හොයා ගන්න පුළුවන් වුනේ. මේ වැඩේ ලොකු සර් තනිකරම මට භාර දීපු වැඩක්. මන් රන්දුනු සර් දිහා බලද්දී රන්දුනු සර්ගේ කරේම අපෙ පැටියට නින්ද ගිහිල්ලා. රන්දුනු සර් නම් මේ වැඩේ ගැන දන්නෙවත් නෑ.

” ගෙදර යන් නිලූෂ “

අවසානේ ඔක්කොමලාම යන්න යද්දි මායි හාමුයි රන්දුනු සරුයි ඉතිරි වුණේ. හාමු ගෙදර යන් කිව්වත් මට මෙතැනින් යන්න හිතුන්නෑ. මයෙ හිතට මහා බරයි.

” එයා ළග කවුරුත් නෑ නෙ හාමු “

” වෙලාව කීයද එකටත් කිට්ටුයි. දරුවෙක් තියා ගෙන මෙහෙම ඉන්න පුළුවන්ද නිලූෂ….. “

රන්දුනු සර් ආපහු වැඩ කරන තැනට අපි වත් එක්කරන් එද්දි මන් හාමුත් එක්ක නැග්ගේ අපෙ වාහනේට.

” ඇයි මේ “

” ලේ තියෙනවා කියලා පේන්නැද්ද ම් ….. දෙනවා ඔය දෙක දැන්ම හෝදලා දාන්න මන්. ආයේ එහෙම යන දේවාලයක යනවා. හැබැයි මට කියලා. ඊට පස්සේ මන් ආයේ ඔහොම ගහන්නෑ නිලූෂ කරනවා මන් හොද වැඩක්. ඇයි යකෝ බය වෙනවා කියලා මෙහෙමත් බය වෙන්න පුළුවන් ද “

ගෙදරට අඩිය තිබ්බ හැටියේ නුරාදවත් හාන්සි පුටුවෙන්ම තියෙලා මාව ඇදන් ගියේ නාන ටැංකිය ළගට. පිස්සුවෙන් වගේ කමිසේ බොත්තමුත් ගලවගෙන ගලවගෙන ගිහිල්ලා බෙල්ටකත් ගලවලා දැම්මේ සබන් කුඩු දාපු බාල්දියට වෙද්දී මන් ඔහේ බලන් හිටියෙ ඒ දිහා .  මට අර කේස් එක විසදලා ඉවර වෙනකම් නිවනක් තිබ්බේ නෑ. ඒත් දැන් මයෙ හිත ඊට වඩා කරදරයි

” නා ගන්න දැන් ඔහේ ඉන්නැතුව. මන් තුවාය ගේන්නම් “

මුළු බාල්දියම ලේ වලින් පිරිලා රතු පාටයි. වෙලාවකට හිතෙනවා මන් ගයාන් සර්ව කොටු කර ගන්න හදිස්සි වුණා වැඩිදෝ කියලා. ඒත් මෙතන මන් දන්නැති තව දෙයක් තියෙනවා. ඇයි එයා බෙහෙත් බොන්නෙ. ඒකත් අනිත් අයට හොරෙන්.

” නිලූෂ එක්කෝ තමුසේ ඔය රස්සාවෙන් අයින් වෙනවා ඕයී. උබව ඔහොම දකිද්දී මට පිස්සු වගේ.  ඒ මිනිහා මැරුණේ උබේ වරදින් නෙවෙයි අයිසේ….. ඔය ඔලුව මනස් ගාත වලින් පුරව ගන්න එපා. ඔය වගේ රස්සා කරද්දී ඔය වගේ වැඩ ඕනී තරම් වෙනවා “

නිරුවත් මාව ගල උඩින් වාඩි කරෝපු මයෙ හාමු මහත්තයා පෙන එන්න මයෙ මුළු ඇගේම සබන් ගාලා කුණු අතුල්ලන ගලින් අතුල්ල අතුල්ලා ගියත් මට කිසිම හැගීමක් තිබුන්නෑ. ගයාන් සර්ගේ මූණමයි මතක් වෙන්නේ. ගයාන් සර්ගේ මට ගහන්න බැරි කමට කේන්තියෙන් අඩපු මූණමයි මතක් වෙන්නේ.

” කොච්චර හොද රස්සා තියෙනවද ආ……. මයෙ නිලූෂ . මොනා නැත්තත් අපිට අංක එකට ඕනී මානසික නිදහස. මහ ලොකු ලොකු රස්සා ඕන්නෑ. තමුන්ට සාමාන්‍ය විදිහට ජිවත් වෙන්න හරි පඩියක් තිබ්බ නම් හරි බන්. අද සෑහෙන්න මන් බය වුණා දෙයියෝ. මොක නැතත් මට උබව නැති කර ගන්න බෑ බන්. එක්කෝ මයෙ මහත්තයා ඔය රස්සාවෙන් අයින් වියන් නැත්තම් ඔය වගේ දේවල් වලට හැඩ ගැහෙන්න. හැබැයි ඔක්කොටම වඩා තමුන් වත් පරිස්සම් කර ගෙන. “

මයෙ සබන් පිරුණු ඇග හාමු හයියෙන් බදා ගත්තා වෙද්දී මට ඇහුනා ඒ වේගෙන් ගැහෙන හඩ. මට මේ රස්සාව අත අරින්න ලෝභයි හාමු. මන් ආසයි මේ රස්සාවට.

            💥💥💥💥💥💥💥

ඊයේ තුන වෙද්දී මට වැඩ ඉවර කර ගන්න පුළුවන් වුණු හින්දා කලින්ම ගෙදර ආවා. අද නම් ඇගට හරිත් නෑ වගේ. ඒත් යන්න එපැයි. අනුජ නම් කිව්ව වගේම ඊයේ ගෙදර ඇවිල්ලා නෑ. කොල්ලා නිවාඩු දාලා එහෙන්ම යන්න ඇති ගමේ.

රාහුටත් ඇදුමක් අන්දපු මන් කෑමත් කාලා ගියේ කන්තෝරුවට. කන්තෝරුවට යන පාර අයිනේ ලොකු වැලි ගොඩක් දාලා. ඇයි දන්නෑ.

” අප්පත්ති මන් මාව් බාන්න යන්නත ඈ “
.

” ම් හැබැයි කොහෙවත් යන්නෑ. අප්පච්චි ට පේන තෙක් මානේ ඉන්න හොදද “

මන් ආයේ බැලුවේ ලිපි ගොනු දිහා. තාම දහයට නෑ. තේ එකක් බිව්ව නම් නිදි මත ගතියත් යනවා.

” පොලීසියේ ලොක්කෙක්ලු නේද බන් “

” බයික් එක නම් ගන්න දෙයක් නෑලු චප්ප වෙලාලු. කොල්ලටත් හොදටම අමාරුයි කියන්නේ “

” එච්චරටම පෙව් නැද්ද බන් ඉස්සරහින් බස් එක එනවා “

” අඩේ ඊයේ අර මෙහෙට්ට ආපු කොල්ලා නේද බන් හැප්පුනේ “

මෙච්චර වෙලා අනුන්ගේ කතා වලට කන් දීගෙන හිටපු මට හිතුනු දේත් එක්ක ආවේ ලොකු බයක්.

” කවුද විමලෙ ඒ කොල්ලා. මන් එහෙම එකක් දන්නෑනෙ. මොනාද ඊයේ වුණේ “

මාත් එහෙම කියලා නැගිටලා ගියේ ඒ විමලෙ ඉන්න දිහාවට.

” වාට්ටු අංක එකොළහ කොහෙද තියෙන්නේ “

” කෙලින්ම ගිහිල්ලා වමට හැරෙන්න “

රාහුවත් වඩා ගෙන ඒ මිස් කියපු තැනටහරි කලබලෙන් ගියත් හරි මන් එහෙන්ම ඒ පුටුවට කඩාගෙන වැටුනා. හදිස්සි ප්‍රතිකාර වාට්ටු ඒකකය. ජිවිතයත් මරණයත් අතර සටනක යෙදිලා ඉන්න ලෙඩ්ඩු . දෙයියනේ අනුජ උබ ඊයේ යන්න කලින් මාව බලන්නද බන් ආවේ ආ…… ඇත්තු දාලවත් අදින්න බැරි කාලේ කොහොමද බන් මන් ආයේ ආපස්සට ගන්නෙ. උබ මාව බලන්න ආවත් මන් උබව ගණන් නොගෙන ඉදියි.  මෙච්චරටම රිදෙන්න තරම් උබ මට මොනාද අනුජ කළේ…… ආ මොනාද කළේ ”

” අයි තා අදන්තේ අප්පත්ති….. මේ සාහුල් ඉන්තෝනෙ මදෙ අප්පත්ති එත්ත. හමදාම සාහුල් ඉන්තවා ඔලා ලද. අයි ඉතින් ඇතයා මේතේ කීලා අදන්තේ ආ. අප්පත්ති මදේනෙ. අදන්ත එපා… ඇතයා ඕලි නා අප්පත්තිත. මන් ඉන්තවා අලේ….. “

” ඔයා මෙතනි න් ඉද ගන් න රාහු ල් “

මන් රාහුල් වත් වාඩි කරවලා එළියේ තිබ්බ පොඩි වීදුරු කෑල්ලෙන් බැලුවේ වාට්ටුව ඇතුළ. එයා කොහෙද කියලා වත් හොයා ගන්න බෑ. දහ දොළොස් දෙනෙක්ම ඇතුළ.

ඒත් මන් බලන් ඉද්දිම එක ට්‍රෝලියක් පැත්තකට කරලා වෙන් කරලා ට්‍රෝලියට අංකයක් ගැහැව්වා. ඇයි ඒ. අනුජ ඒ ඔයා නෙවෙයි නේද ආ….. ඔයා නෙවෙයි නෙ..

” ආ ඔයා කවුරු බලන්නද ආවේ “

” මිස් මේ අනුජ ගයාන්….. එ යාට කොහොමද “

” ඉන්න පොඩ්ඩක් මන් ඩොක්ටට කතා කරන්නම්. අද උදේ අපි බැලුවා එයාගේ කවුරු හරි ඇවිත්ද කියලා. හිටියේ නෑ නෙ ඉතින්. “

මිස් එහෙම කියලා ඇතුළට යන්න යද්දි ටික වෙලාවක් ගියාට පස්සේ දොර ඇරුනත් හරි මන් ගියේ ඒ කිට්ටුවටම. ඒත් දොර ඇරන් එළියට ආවේ ට්‍රෝලියක්‌ තල්ලු කරපු මනුස්සයෙක්. ට්‍රෝලියේ හිටපු මනුස්සයාගේ මූණ අදුර ගන්න බැරි වෙන තරමට තුවාල.

” එයා දැන් ටිකකට කලින් මැරුනා සර්. උදේ ඉදන් පණ ඇද ඇද හිටියේ මේ කොල්ලා…. “

” ක්‌ කව් ද ම් මේ.. “

මයෙ වචන හිටන් කඩින් කඩ පිට වෙද්දී ඒ මනුස්සයා දන්නෑ කියලා ට්‍රෝලිය ඇදන් ගියා

” ඔයාද අනුජ බලන්න ආවේ “

” ආ ඔව් ඩොක්ට එයාට කොහොමද දැන් “

” මේකයි ඇත්තටම මන් විතරක් නෙවෙයි එයා බැලුවේ. තව ඩොක්ටස්ලා කීප දෙනෙක්ම බැලුවා. ඉනෙන් පහළ කෑල්ල නම් ගොඩක් තුවාල වෙලා තිබ්බා. ලෙඩා නම් ආයේ නැගිටින දවසක් කියන්න බෑ. දැන් එයා ඉන්නෙ කෝමා වෙලා “

ඇයි එහෙම වුණේ. උබට එච්චර දෙයක් වෙන්න තරම් මොකක්ද වුණේ. සිහියක් පතක් නැතුව බස් එකේම උබව හැප්පෙන්න තරම් මොකද වුණේ.  මන් පැය ගානක් යනකම් ඉදන් ඉදලා පුටුවෙන් නැගිටිද්දී රාහුල්ට පුටුවෙම නින්ද ගිහිල්ලා.

කරපු හැමදේකටම මට සමා වියන් බන්. මන් ගිහිල්ලා එන්නම්. හෙට උදේට එන්නම් අනුජ. පුළුවන් නම් උබ කොහොම හරි නැගිටින්න බලන්න අනුජ.  මන් බලන් ඉන්නවා උබේ ඔය කටහඩ ඇහෙන කම් .  මන් කරපු කියපු හැමදේකටම සමා වියන්.

             💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලූලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වෝට් වලට ගොඩක් ඉස්තුතියි යාලූලා හැමෝටම 🙏🙏❤️❤️❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටපස්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටපස්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටපස්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටපස්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටපස්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටපස්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 66